Home | Chat | Mp3| Music Videos | Softwares | Italian News | Bollywood Films | Hollywood Films
Is Super Six Movie awesome...? | ඇත්තටම Super Six මාරයි ද?
 
උපුටාගැනීම හිරුගෙන් 

මේ දවස්වල සෑහෙන කතා බහට ලක්වන සුපර් සික්ස් ෆිල්ම් එක ගැන දැන කියා ගන්න අපි කතා කළා ඒ ෆිල්ම් ඒකේ ඩිරෙක්ටර් උදාර පල්ලියගුරුට.

කොහොමද ෆිල්ම් එකේ මේ දවස්වල කටයුතු. ?

අපි දැන් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරලයි තියෙනනේ.

ඇත්තටම සුපර් සික්ස් ෆිල්ම් එක මෙච්චරටම ප‍්‍රමෝට් කරන්න හේතුව මොකක්ද ?

ඒක බොහොම පැහැදිලි කරුණක්. සුපර් සික්ස් තමයි ලංකාවේ වැඩිම පිරිවැයක් දරලා නිෂ්පාදනය කරපු චිත‍්‍රපටය, රුපියල් ලක්ෂ 930ක්. ඉතින් මේ පිරිවැය සෙවීමේ කාර්යයේදි අපිට සිද්ධ වෙනවා මේ ෆිල්ම් එක අස්සක් මුල්ලක් නෑරම ජනතාවට අතරට ගෙනියන්න.

ඇයි උදාර මේ වගේ වැඩකට අත ගහන්න හිතුවේ. ?

හැමෝම කියනවා ලංකාවේ සිනමාව වැටිලා තියෙන්නේ කියලා. අපේ පේ‍්‍රක්ෂකයෝ ගොඩාක් බොලිවුඞ්වලට කැමැතියිනේ. සිංහල සිනමාවත් බොලිවුඞ් මට්ටමට ගෙනියන්න තමයි මට  ඕනි.

කවුරු හරි කිව්වොත් මේ ෆිල්ම් එක අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ, නිකන් හින්දි ෆිල්ම් කොපි කරලා කියලා ?

මෙහෙමයි අපේ රටේ සංස්කෘතියත් ආවේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් තමයි හැම ආභාෂයක්ම ගත්තේ. අපේ කලාව, මේ හැම දේම ඉන්දියාවෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ.

ඒ කියන්නේ හොද දෙයක් කොපි කළාට කමක් නැහැ. ?

මේක කොපි කිරීමක් නෙමෙයි. සින්දු, කතාව කොපියක් නෙමෙයි. ආභාෂය ලැබුවා විතරයි. අපි මේ ෆිල්ම් එකේ පසුබිම් නර්තනයට සහභාගි කර ගත්තේ ෂාරුක් ඛාන්ගේ නර්තන කණ්ඩායම. සටන් ජවනිකාවලට භාවිතා කළේ අමිර් ඛාන්, රැුජිනි ඛාන්ත්ගේ සටන් අධ්‍යක්ෂකවරයා. ඒ ගුණාත්මක භාවය මේ චිත‍්‍රපටය තුළ තියෙනවා. 

 

 

Copyright (c) 2009-2011www.lkheart.com. All rights reserved. Designed by D D Dinusha Praneeth